පාසල් පෙම් යුවලක් පොල්ගොල්ල ජලාශයට පැන දිවි හානි කරගනී.

0
468

කටුගස්තොට පොලිස් බල ප්‍රදේශයට අයත් පොල්ගොල්ල නවයාලතැන්න දුම්රිය පාලම මතින් අද (7) අළුයම 5.45 ට පමණ පොල්ගොල්ල ජලාශයට පැන පාසල් සිසුවෙකු සහ සිසුවියක සිය දිවි හානි කරගෙන ඇත.

මෙසේ සියදිවි හානිකරගෙන ඇත්තේ පොල්ගොල්ල නවයාලතැන්න ප්‍රදේශයේ පදිංචිව සිටී 15 හැවිරිදි සිසුවියක හා පල්ලේතලවින්න ප්‍රදේශයේ පදිංචිව සිටී 16 හැවිරිදි සිසුවෙකි.

මොවුන් එම ප්‍රදේශයේ පාසල් දෙකක 10 සහ 11 වසර වල ඉගෙනුම ලැබූවන් වන අතර කලක සිට ප්‍රේම සම්බන්ධතාවයක් ඇති කර සිට ඇති බව වාර්තා වේ.

ඊයේ (6) දිනයේ සිට මොවුන් දෙදෙනා අතුරුදහන්ව සිට ඇති අතර දෙමව්පියන් ඒ පිළිබඳව කටුගස්තොට පොලිසියට පැමිණිිලි කර ඇත.

පසුව ලද තොරතුරක් අනුව දෙමව්පියන් නවයාලතැන්න දුම්රිය පාලම අසලට පැමිණ දරුවන් හට කතා කළ අවස්ථාවේ ඔවුන් එකිනෙකා වැළලඳගෙන දියට පැන දිවි හානි කරගෙන ඇත.