බ්‍රසීල ජනපතිටත් කොරෝනා

0
281

බ්‍රසීල ජනාධිපති Jair Bolsonaro ට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

අධික උෂ්ණත්වය ඇතුළු රෝග ලක්ෂණ වර්ධනය වීමෙන් පසු සඳුදා ඔහුගේ සිව්වන පරීක්ෂණය සිදු කර අතර එහිදී ඔහු ආසාදිත බව තහවුරු වී තිබේ.

බොල්සොනාරෝ මහතා “කුඩා උණ” ලෙස හැඳින්වූ අවදානම නැවත නැවතත් අඩු කර ඇති අතර, ඔහු බරපතල ලෙස පීඩාවට පත් නොවන බව කියා සිටියේය.

වෛරසය හමුවේ රට අගුලු දැමීම්වලට මුලින් විරුද්ධ වූ ඔහු කියා සිටියේ එය එරට ආර්ථිකයට හානියක් බවයි.

කෙසේ වෙතත් එක්සත් ජනපදයෙන් පසු ලොව වැඩිම කොවිඩ් -19 රෝගීන් හා මරණ සංඛ්‍යාවේ දෙවන ස්ථානයට පත්ව ඇත්තේ බ්‍රසීලයයි.