කටාර් හිදී ඝාතනයට ලක්වූ එකම පවුලේ තිදෙනාගේ මල සිරුරු දිවයිනට

0
356

කටාර් රාජ්‍යයේදී අමාණුශික ලෙස ඝාතනයට ලක්වූ එකම පවුලේ තිදෙනාගෙන් මළසිරුරු දිවයිනට රැගෙනවිත් තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ 59 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු හා 55 හැවිරිදි හා 34 හැවිරිදි කාන්තාවන් දෙදෙනෙක්.

කැලණිය ප්‍රදේශයේ පදිංචිකරුවන් වන මොවුන් ඝාතනය කර ඇත්තේ කටාර්හි සේවය කළ මහනුවර ප්‍රදේශයේ පදිංචි ශ්‍රී ලාංකිකයෙකු බවට තොරතුරු වාර්තා වේ.

විවාහක පුද්ගලයෙකු වන ඔහු මෙම පවුලේ 34 හැවිරිදි දියණිය සමග ප්‍රේම සබදතාවක් පවත්වාගෙන ගොස් ඇත.

එහිදී ඇතිවූ ආරවුලක් මත තියුණු ආයුධවලින් පහර දී ගෙල කපා තම මව පියා සහ නැගණිය ඝාතනය කර ඇති බවට දැනගන්නට ලැබුණු බව එම පවුලේ මෙරට වාසය කරන දියණියක් මාධ්‍ය වෙත පවසා තිබුණි.

පසුගිය මාර්තු 1 වෙනිදා මෙම ඝාතනය සිදුකර ඇති අතර ඔහු ඊට පසු දින ලංකාවට පලාවිත් ඇත.