විශ්වවිද්‍යාල සාදයක් අවසානයේදී සිසුවෙකු එවන ලද ටයරයක් ශරීරයේ ගැටී සිදු වූ අනතුරෙන් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබූ පසිඳු හිරුෂාන් සිසුවා ඊයේ (8) යළි ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට පැමිණියා.
ඒ මාස ගනණකට පසු අධ්‍යයන කටයුතු සඳහා විශ්වවිද්‍යාලය විවෘත වීමත් සමඟයි.
ඉකුත් මාර්තු මස 5 වැනි දා රාත්‍රියේ ඔහු එම අනතුරට මුහුන දී තීබූ අතර ඉන් ඔහුගේ හිසට බරපතළ තුවාල සිදුවිය.
කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු ඒකකයේ ස්නායු අංශයේ මාස 3කට ආසන්න කාලයක් ප්‍රතිකාර ලබමින් සිට පසිඳු පසුගිය ජුනි මස 11 වන දින සුවය ලබා නිවස වෙත පැමිණියේය.
මෙහිදි මාධ්‍යවේදියෙකු ඇසූ ප්‍රශ්නයකට පිලිතුරු ලබා දෙමින් ඔහු කියා සිටියේ ඔහුට සිදු වූ සිදුවීම සම්බන්ධයෙන් තරහක් හෝ දුකක් නොමැති බවයි.