බලංගොඩ රාවණාකන්ද ප්‍රදේශයේ පදිංචි 17 හැවිරිදි හිමාෂා දෙව්මිනී පසුගිය ඉරිදා නිවසින් පිටව ගොස් තිබුනේ මැසීමට දුන් පාසල් නිල ඇදුමක් රැගෙන ඒමටයි.
ඇය නිවසින් පිටත් වූ පසු ඇයට තරුණයෙකු මුනගැසී ඇති බව කිහිප දෙනෙකුම දැක තිබුනා.
එම දැරියගේ අතුරුදහන් වීම පිළිබඳව පොලීසියට පැමිනිල්ලක්ද කල ඇයගේ පියා ඇයව සොයා එම තරුණයාගේ නිවසට ගොස් ඇත.
ඒ වන විට ඇය එම නිවස තුල ඇය සිහිසුන්ව වැටී සිට ඇති අතර ඇයව කඩිනමින් බලංගොඩ රෝහලට ඇතුලත් කර ඇත. ඒ වන විටත් ඇය දැඩි ලෙස ලිංගික අපයෝජනයට ලක්ව සිට ඇත.
බලංගොඩ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි ඇය සාමාන්‍ය වාට්ටුවක් වෙත මාරු කර යවා තිබුනා. කෙසේ වෙතත් ඉකුත් අඟහරුවාදා සවස් වරුවේ ඇය මිය ගොස් ඇත්තේ අධික ලෙස රුධිරය වහනය වීමක් හෙතුවෙන්
සිද්ධිය සම්බන්ධයෙන් අපයෝජන චෝදනා යටතේ 24 හැවිරිදි තරුණයෙක් පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.