තවත් කොරෝනා ආසාදිතයින් 196ක් කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන්

0
221

කන්දකාඩු මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහිවූවන් පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් තවත් කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදිතයින් 196 දෙනෙකු හමු වී තිබේ.

ඊයේ දිනයේ හඳුනාගත් 56 දෙනා සමග අදාළ මධ්‍යස්ථානයෙන් මේ වනවිට කොවිඩ් 19 ආසාදිතයින් ගනන 252 දක්වා ඉහල ගොස් ඇත.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කලේ මේ වන විට කන්දකාඩු මධ්‍යස්ථානයේ රැඳවියන් හා කාර්යමණ්ඩලය බඳුන් කරන ලද PCR පරීක්ෂණ 338ක ප්‍රතිඵල මගින් මෙම ආසාඅධිතයින් හමු වු බවයි.

මෙම මධ්‍යස්ථානයේ තවදුරටත් PCR පරීක්ෂණ සිදුකෙරෙමින් පවතින අතර, ඒ අනුව මෙම මධ්‍යස්ථානයේ තවදුරටත් ආසාදිතයින් වාර්තා වීමේ ප්‍රවණතාවයක් පෙන්නුම් කරන බව සෞඛ්‍ය සේවා අධයක්ෂ ජනරාල් විශේෂ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කරයි.

එසේම අදාළ කාලය තුළ, මෙම මධ්‍යස්ථානයෙන්, පුනරුත්ථාපනය අවසන් කර පිටතට යවන ලද රැඳවියන් සහ ආශ්‍රිතයන් ද හඳුනාගනිමින් PCR පරීක්ෂණ සහ නිරෝධායන කටයුතු අඛණ්ඩව ක්‍රියාත්මක කර ඇති අතර, ඒ අනුව මෙම ස්ථානයෙන් සමාජය තුළට කොවිඩ් 19 පැතිර යාම වැළැක්වීමට සියලු පියවර ගනිමින් පවතින බව ද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.