” ටික් ටොක් ” සමාගම පවසන්නේ 2019 ජූලි සිට දෙසැම්බර් දක්වා කාලය තුළ එහි නීති කඩ කළ වීඩියෝ මිලියන 49 කට වැඩි ප්‍රමාණයක් මකා දැමූ බවයි.
වැඩිහිටියන්ගේ නිරුවත හෝ ලිංගික ක්‍රියාකාරකම් අඩංගු වීම නිසා එම වීඩියෝවලින් හතරෙන් එකක පමණ ප්‍රමාණයක් මකා දමා ඇති බව වාර්තාවේ.
වීඩියෝ බෙදාගැනීමේ යෙදුමෙන් හෙළි වූයේ රජයන්ගෙන් සහ පොලිසියෙන් දත්ත සඳහා ඉල්ලීම් 500 ක් පමණ ලැබී ඇති අතර ඉන් 480 ක් පමණ ඊට අනුකූලව කටයුතු කර ඇති බවයි.
ටික්ටොක් සමාගම කියා සිටියේ චීන රජය හෝ පොලීසිය විසින් කිසිදු දත්ත ඉල්ලීමක් හෝ අන්තර්ගත දත්ත මකා දැමීමට කිසිදු ඉල්ලීමක් ලැබී නොමැති බවයි.
මෙම මකා දැමූ වීඩියෝ මිලියන 49; 2019 ජූලි සහ දෙසැම්බර් අතර කාලසීමාව තුල එම යෙදවුමට එක් කරන ලද වීඩියෝවලින් 1% කටත් වඩා අඩු ප්‍රමාණයකි.
එක්සත් ජනපදය යෝජනා කර ඇත්තේ චීනයට අයත් මෙම දුරකතන යෙදුම තහනම් කළ යුතුද යන්න පිළිබඳව සොයා බලන බවයි.
සයිබර් ආරක්ෂණ කරුණු උපුටා දක්වමින් ඉන්දියානු රජය දැනටමත් මෙම දුරකතන යෙදුම තහනම් කර තිබේ.
ටික්ටොක් සමාගම චීන සමාගමක් වන ByteDance සතුය. මෙම යෙදුම චීනයේ නොමැත, නමුත් ByteDance විසින් Douyin නමින් සමාන යෙදුමක් ක්‍රියාත්මක කරයි.