ඊයේ දිනය තුල නව කොරෝනා ආසාදිතයින් 300 ක්

0
301

මේ වන විට මෙරට සමස්ත කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව 2454 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ.

ඒ ඊයේ (10) දිනය තුළ හඳුනාගත් නව ආසාදිතයින් 300 දෙනාත් සමගයි.

ඒ අනුව මේ දක්වා කාලය තුළ එක් දිනක් තුළ හඳුනාගත් වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව වන ආසාදිතයින් 300 දෙනෙක් ඊයේ දින හඳුනා ගෙන ඇත.

සමස්ත ආසාදිතයින්ගෙන් 1980 දෙනෙකු මේ වන විට පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිට ව ගොස් ඇති අතර 11 දෙනෙකු මිය ගොස් ඇත.

කෙසේවෙතත් ආසාදිතයින් 463 දෙනෙකු තවදුරටත් රෝහල් කිහිපයක නේවාසිකව ප්‍රතිකාර ලබන අතර සැක සහිත රෝගීන් 37 දෙනෙකුද රෝහල් ගතව ප්‍රතිකාර ලබයි.