2020 ජූනි මාසයේ දී ප්‍රථම වතාවට ලංකාවේ ආනයන වියදමට වඩා වැඩි අපනයන ආදායමක් වාර්තා කරයි

0
603

ශ්‍රී ලංකාවට 1977 දී විවෘත ආර්ථික ප්‍රතිපත්තිය හඳුන්වා දීමෙන් පසු ඉතිහාසයේ පළමු වතාවට 2020 ජූනි මාසයේ දී මෙරට අපනයන ආදායම, ආනයන වියදම ඉක්මවා ගොස් තිබෙනවා.

ඊයේ (09) කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රමේෂ් පතිරණ මහතා මේ බව අනාවරණය කරන ලදී.

අපනයන ආදායම පසුගිය ජූනි මාසයේ දී ඇමරිකානු ඩොලර් මිලියන 1020 ක් දක්වා වැඩි වී ඇත.

එය පෙර වසරවලට සාපේක්ෂව සැලකීමේ දී 2019 දී 1084 ක් සහ 2018 දී 1024 ක්. එම නිසා අපේ අපනයන ආදායම පෙර වසරවල තත්ත්වයටම මේ වසරේ ජූනි මාසය වන විට පත්ව ඇත.

ඒ සමගම ආනයන සීමා කිරීමේ තත්ත්වයත් යටතේ අපේ ආනයන වියදම් 2020 ජූනි මාසයේ දී ඩොලර් මිලියන 961 දක්වා අඩුවෙලා තිබෙනවා.

මෙම තත්වය යටතේ ඉතිහාසයේ ප්‍රථම වතාවට ඉතාම සතුටුදායක ලෙස ආනයන වියදම් ක්‍රමානුකූලව අඩු වීම සහ අපනයන ආදායම ක්‍රමානුකූලව යථා තත්ත්වයට පත්ව ඇති බව ඇමති වරයා වැඩි දුරටත් කියා සිටියා.