මෝර ප්‍රහාරයකින් 15 හැවිරිදි යෞවනයෙකු මිය යයි.

0
560

නැගෙනහිර ඕස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්ස් හි 15 හැවිරිදි යෞවනයෙකු මෝර ප්‍රහාරයකින් මිය ගොස් ඇති බව පොලිසිය පවසයි.

සිඩ්නි සිට කි.මී. 630 ක් (සැතපුම් 390 ක්) උතුරින් Wooli වෙරළේදී මෙම අනතුර සිදුව ඇති අතර ඉන් ඔහුගේ පාදයට බරපතල තුවාල සිදු වූ බව සාක්ෂිකරුවන් පවසති.

අසල සිටි බෝඩ් රයිඩර්වරු ඔහුට උදව් සඳහා පැමිණ ඇති අතර ඔවුන් මුහුදු වෙරළේදිම ප්‍රථමාධාර ලබා දුන් නමුත් පිරිමි ළමයා එම ස්ථානයේදීම මිය ගොස් ඇත.

මේ සඳහා නිල පරීක්ෂණයක් ආරම්භ කර ඇති නමුත් බලධාරීන් විසින් යෞවනයාගේ නම නිකුත් කර නොමැත.

එක් සාක්ෂිකරුවෙක් මාද්‍ය වෙත පවසා තිබුනේ අවුරුද්දේ මෙම කාලයේදී සුදු මෝරුන් එම ප්‍රදේශයේ ක්‍රියාකාරී වන බවින් එම මෝරා විශාල සුදු මෝරෙකු විය හැකි බවයි.