කැරිබියානු ප්‍රිමියර් ලීග් 2020 තරගාවලිය අගෝස්තු 18 සිට සැප්තැම්බර් 20 දක්වා Trinidad සහ Tobago හිදී පැවැත්වීමට නියමිත බව සිකුරාදා (ජූලි 10) තහවුරු වී ඇත.
මෙය කොවිඩ් – 19 විවේකයෙන් පසුව ආරම්භ වන පළමු විස්සයි 20 තරඟාවලිය වේ.
මෙම නිවේදනය ට්‍රිනිඩෑඩ් සහ ටොබැගෝහි පළාත් පාලන ආයතන විසින් අනුමත කර ඇත.
සියලු කණ්ඩායම් සහ නිලධාරීන් සඳහා දැඩි කොවිඩ් 19 මාර්ගෝපදේශ මාලාවක් සහිතව තරඟාවලිය පැවැත්වේ.
සියලුම කණ්ඩායම් සහ නිලධාරීන් එක් හෝටලයක නවාතැන් ගනු ඇති අතර, ඔවුන් රට තුළ සිටින පළමු සති දෙක සඳහා දැඩි නිරෝධායන ක්‍රියාවලියකට යටත් වනු ඇත.
පිටරට සිට සංචාරය කරන සෑම කෙනෙකුම පිටත්ව යාමට පෙර සහ නැවත පැමිණීමට පෙර කොවිඩ් – 19 සඳහා පරීක්ෂා කරනු ලැබේ.
කොවිඩ් – 19 වසංගතය හේතුවෙන් මාර්තු මාසයේ දේශසීමා වසා දැමීමෙන් පසු ප්‍රථම වතාවට මිනිසුන් රට තුළට ඇතුලු වන්නේ මෙම තරඟාවලිය සදහායි.
කෙසේ වෙතත් එරට මේ දක්වා තහවුරු වූ කොවිඩ් 19 රෝගීන් 133 ක් වාර්තා වී ඇති අතර ඉන් 117 දෙනෙකු සම්පූර්ණ සුවය ලබා ඇත.