සුපිරි තරු අමිතාබ් බච්චන් සහ ඔහුගේ පුත් අභිෂේක් බච්චන් කොවිඩ් 19 සදහා කරන ලද පරීක්ෂණ වලදී ආසාධිත ලෙස තහවුරු වී තිබෙනවා.
ඔවුන් මුම්බායි හි Nanavati රෝහලට ඇතුළත් කර තිබේ.
77 හැවිරිදි අමිතාබ් බච්චන් ට්විටර් වෙබ් අඩවියේ මෙම පුවත සනාථ කරමින් කියා සිටියේ තම පවුලේ අය සහ කාර්ය මණ්ඩලයද පරීක්ෂාවට ලක් කර ඇති බවයි.
ඔහු සදහන් කර තිබුනේ අනෙකුත් පවුලේ සාමාජිකයින්ගේ සහ කාර්ය මණ්ඩලයේ ප්‍රතිඵල ද අපේක්ෂාවෙන් සිටින බවයි.
මේ පිළිබද අභිෂේක් සිය ට්විටර් ගිණුමට එක් කර තිබුනේ “අද මගේ පියා සහ මම දෙදෙනාම කොවිඩ් 19 සඳහා ධනාත්මක පරීක්‍ෂණයක් සිදු කළෙමු. අප දෙදෙනාම මෘදු රෝග ලක්ෂණ සහිතව රෝහල් ගත කර ඇත. අවශ්‍ය සියලු බලධාරීන්ට අප දන්වා ඇති අතර අපගේ පවුලේ අය සහ කාර්ය මණ්ඩලය සියල්ලන්ම පරීක්‍ෂාවට ලක් කර ඇත. කලබල නොවන්න. ස්තූතියි ”යනුවෙනි.