ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රසිද්ධියේ මුහුණු ආවරණයක් පැළඳිමට තීරණය කරයි

0
511

එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කොරෝනා වසංගතය ආරම්භයෙන් පසු ඊයේ පළමු වතාවට ප්‍රසිද්ධියේ මුහුණු ආවරණයක් පැළඳ තිබෙනවා.

ඒ ජනාධිපතිවරයා වොෂිංටනයෙන් පිටත වෝල්ටර් රීඩ් හමුදා රෝහලේ තුවාල ලැබූ සොල්දාදුවන් සහ සෞඛ්‍ය සේවකයින් හමුවීමට ගිය අවස්තාවේදීය.

“මම කවදාවත් මුහුණු ආවරණ වලට විරුද්ධ වී නැත. නමුත් එයට කාලයක් හා ස්ථානයක් ඇතැයි මම විශ්වාස කරමි,” ඔහු ධවල මන්දිරයෙන් පිටත්ව යන විට පැවසීය.

නමුත් ඔහු මුහුණු ආවරණයක් පළඳින්නේ නැති බව මීට පෙර පවසා ඇති අතර මුහුණු ආවරණ පළඳින ඩිමොක්‍රටික් ප්‍රතිවාදියා වන Joe Biden ව සමච්චලයට ලක්කර ඇත.