වන සතුන් දඩයම් කිරිම සඳහා අටවා තිබු මද්දකට හසු වී සිටි කඳුකර දිවියෙකු බේරා ගැනීමට නල්ලතන්නිය වනජීවි නිලධාරීන් සමත් ව ඇත.
ගිනිගත්හේන පොලිස් වසමට අයත් ගිනිගත්හේන, කෙනිල් වත්තේ පළමු කොටසේ වතු නිවාස පේළියකට ඉහළින් වූ ලඳු කැලැවක අටවා තිබු මන්දකට දිවියා අද (12) අලුයම හසු වි සිටි බව වාර්තා වේ.
එම ස්තානයට පැමිනි රණ්දෙණිගල පශු වෛද්යය නිලදාරීන් මන්දට හසු වි සිටි දිවියා නිර්වින්දනය කර මන්දෙන් ගලවා එම ස්ථානයේ දී ප්රතිකාර ලබා දි ඇත.
එහිදී තුවාල ලබා සිටි දිවියා වැඩිදුර ප්රතිකාර සඳහා නල්ලතන්නිය වනජිවි කාර්යයාලය වෙත රැගෙන ගොස් ඇත.
අවුරුදු 6 ක් පමණ වයසැති හොඳීන් වැඩුණු ගැහැණු සතෙකු වන දිවියා උස අඩි දෙකක් සහ දිග අඩි 5 කින් පමණ යුක්ත බව වනජීවි නිලධාරින් කියා සිටියි.
එම මද්ද ඇටවීම සම්භන්දයෙන් එම වතු යායේම පදිංචි වතු කම්කරුවෙකු සැකපිට අත්අඩංගුවට ගත් බවත්, සැකකරු හැටන් මහෙස්ත්රාත් අධිකරණ වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවත් වාර්තා වේ.