කොදෙව්-එංගලන්ත පළමු ටෙස්ට් තරඟයේ ජය කොදෙව්වන්ට

0
512

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරඟය කඩුලු 4 කින් ජය ගැනීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමත් වෙයි.

කොවිඩ් 19 වසංගතය හේතුවෙන් දින 115 කට පසුව පැවැත්වූ පළමු ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් තරගය මෙයයි.

කාසියේ වාසිය දිනාගෙන පළමුව පන්දුවට පහර දුන් එන්ගලන්ත ක්‍රීඩකයින් පන්දුවාර 67.3 කදී පළමු ඉනිමට සියලු දෙනා දැවී රැස් කලේ ලකුණු 204 ක් පමණයි.

බටහිර ඉන්දීය කොදෙව් පළමු ඉනිම පන්දුවාර 67.3 කදී සියලු දෙනා දැවී ලකුණු 318 ක් ලෙස සටහන් විය.

දෙවනි ඉනිම වෙනුවෙන් යලි පිටියට පිවිසි එන්ගලන්ත ක්‍රීඩකයින් පන්දුවාර 111.2 සියලු දෙනා දැවී ලකුණු 313 ක් රැස් කලහ.

දෙවනි ඉනිම වෙනුවෙන් යලි පිටියට පිවිසි කොදෙව්වන්ට ජයග්‍රහනය සඳහා ලකුණු 200ක ඉලක්කයක් හිමි විය.

ඔවුන් පන්දුවාර 64.2 කදී කඩුලු 6 ක් දැවී ලකුණු 200 ක් ලබා ගනිමින් කඩුලු 4ක ජයක් ලබා ගැනීමට සමත් විය.

තරගයේ වීරයා එන්ගලන්ත පළමු ඉනිමේ කඩුලු 4ක් සහ දෙවන ඉනිමේ කඩුලු 5ක් දවා ගත් Shannon Gabriel.

Holder සහ Campbell ජයග්‍රහණය සමරමින්
පළමු ඉනිමේ කඩුලු 6ක් දවා ගත් Holder
දෙවන ඉනිමේ ලකුණු 95ක් ලබා ගත් Blackwood