” කොවිඩ් 19 මර්දනයේදී බොහෝ රටවල් වැරදි දිශාවට ගමන් කරලා ” – WHO

0
276

කොවිඩ් 19 මර්දනය කිරීමේදී බොහෝ රටවල් වැරදි දිශාවට ගමන් කර ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා.

එහි අධ්‍යක්ෂ ජෙනරාල් Tedros Adhanom Ghebreyesus මහතා පෙන්වා දෙන්නේ නායකයින් ලබාදෙන වැරදි උපදෙස් නිසා වෛසරය මැඩලීමට අවශ්‍ය වැදගත්ම කරුණ වන විශ්වාසය බිඳවැටී ඇති බවයි.

ඔහු වැඩි දුරටත් පෙන්වා දෙන්නේ ජීවිත බේරාගැනීමේ අරමුණින් සම්ප්‍රේෂණ වැළැක්වීම සඳහා සීමා පැනවුව ද ජනතාව දෑත් පිරිසිදු කිරීම, සමාජ දුරස්ථභාවය, නිවසේ රැඳී සිටීම වැනි මාර්ගෝපදේශ පිළිනොපදින්නේ නම්, තත්වය නරක දිශාවටම ගමන් කරනු ඇති බවයි.

ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙන්නේ, කොවිඩ් 19 ව්‍යාප්තවීමට පෙර පැවති තත්ත්වයෙන් අනාගතයේ ජීවත් වීමට නොහැකි වනු ඇති බවයි.

ඉදිරියේදී ජීවත්විය යුතුව ඇති ආකාරය සම්බන්ධයෙන් වූ මාර්ගෝපදේශ ත්‍රිත්වයක් ද ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් හඳුන්වා දී ඇත.

  1. සම්ප්‍රේෂණය මර්දනය හා මරණ සංඛ්‍යාව අඩුකිරීමට අවධානය යොමුකිරීම.
  2. පුද්ගලයන්ගේ චර්යාව කෙරෙහි අවධානය යොමුකරන සමාජයන් බිහි කිරීම.
  3. ශක්තිමත් රජයේ නායකත්වයක් සහ මැඩ පැවැත්වීමට ගන්නා ක්‍රමවේද පිළිබඳව පැහැදිලිව සහ අඛණ්ඩව ජනතාවට දැනුවත් කරන ක්‍රියාවළියක් නිර්මාණය කිරීම