හසලක ගාමිණී දැයෙන් සමුගෙන අදට වසර 29 යි.

0
916

1991 වසරේ ජූලි මාස 14 වන දින ත්‍රස්තවාදීන්ගෙන් අලිමංකඩ කඳවුර ආරක්ෂා කර ගනිමින් දිවි පුද කල හසලක ගාමිණී දැයට අහිමි වී අදට වසර 29ක්.

එදා ත්‍රස්තවාදීන් අලිමංකඩ කඳවුරට කඩාවැදුනේ සන්නද්ධ රථයක් ලෙස සකස් කළ බුල්ඩෝසරයක් යොදා ගනිමිනි.

එම රථය කඳවුර තුළට කඩා වැදීම වලක්වමින් දහසකට අධික ‍‍ස‍‍‍‍හෝදර ‍‍‍සෙබළුන්‍‍‍ගේ ජීවිත බේරමින් සිය පණ නොතකා බෝම්බයක්ද රැගෙන එම රථය පැනීමට තරම් ඔහු එඩිතර විය.

සහෝදර සෙබලුන්ගේ ජීවිත සුරක්ෂිත කරමින් සන්නද්ධ රථ‍‍‍‍‍‍ය පුපුරුවා හළ ගාමිණී අලිමංකඩ කඳවුර සතුරන් අතට පත්වීම වළකා ගත්‍‍තේ මාතෘ භූමිය ‍‍‍‍වෙනු‍වෙන් තම ජීවිතය පුද කරමිනි.

ඔහු කල එම වීර ක්‍රියාව වෙනුවෙන් පරම වීර වික්‍රම විභූෂණ සම්මානය හසලක ගාමීණී කුලරත්න රණ විරුවා වෙනුවෙන් පුද කරන ලදී.

එම සම්මාන‍යෙන් පුද ලද පළමු රණ විරුවා ‍‍‍ලෙස ඔහු ‍‍ගෞරවයට පාත්‍රවේ.

හසලක නගර‍යේ ඉදි කර ඇති ඔහුගේ පිළිරුව අබියසදී ඔහුගේ 29වැනි සැමරුම් උත්සවය පැවැත්වුණේ, අද පෙරවරුවේයි.

හසලක ගාමිණී රණවිරුවාගේ මෑණියන් වන එස්.ජී. ජුලියට් මාතාව ඇතුළු පිරිස පිළිරුවට පුෂ්‍‍‍පෝපහාර පුද කළහ. මේ සඳහා පවුලේ ඥාතීන් සහ ‍‍‍පොලිස් නිලධාරීහු පිරිසක් ද සහභාගි වී සිටියහ.