ශ්‍රී ලංකා නාවික හමුදාවේ 23 වන නාවික හමුදාපති ලෙස 2019 ජනවාරි 01 වන දින සිට රාජකාරී කළ අද්මිරාල් පියල්ද සිල්වා ඊයේ (15) දින විශ්‍රාම ගියේය.
නාවික හමුදා චාරිත්‍රානුකූලව නාවික හමුදාපති ධූරයේ රාජකාරීන් වයිස් අද්මිරාල් නිශාන්ත උළුගෙතැන්න වෙත භාර දුන් අද්මිරාල් පියල් ද සිල්වා, ශ්‍රී ලංකා නාවික හමුදාවේ වසර 36ක් සේවය කර ඇත.
නාවික හමුදා මූලස්ථානයේදී අද්මිරාල් පියල් ද සිල්වා වෙත සම්මාන ආචාර මුරයක් මගින් ආචාරය පුද කරීමට ජ්‍යෙෂ්ඨ සහ කණිෂ්ඨ නාවිකයින් එක්ව සිටියහ.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් මෙරට 24 වැනි නාවික හමුදාපතිවරයා ලෙස වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතා පත්කර තිබේ.
ඔහු මීට පෙර නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී ලෙස කටයුතු කළ අයෙක් වන අතර කොළඹ රාජකීය විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකි.

