ලොව ප්‍රකට පුද්ගලයින් කිහිපදෙනෙකුගේ ට්විටර් ගිණුම් සයිබර් ප්‍රහාරයට ලක්වී ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබේ.
ඒ අතර එක්සත් රාජධානියේ පිහිටි ජාතික සයිබර් ආරක්ෂක මධ්‍යස්ථානය (NCSC) ද වෙයි.
හිටපු අමෙරිකානු ජනාධිපති බැරක් ඔබාමා, බිල් ගේට්ස්, ඉයෝන් මස්ක් සහ ජෙෆ් බිසොස් වැනි ප්‍රකට පුද්ගලයින්ගේ ට්විටර් ගිණුම් එසේ සයිබර් ප්‍රහාරයට ගොඳුරු වී ඇත.
එවැනි සයිබර් ප්‍රහාර ශ්‍රී ලාංකික ට්විටර් පරිශීලකයන් ඉලක්ක කරගෙන වුවද සිදුවිය හැකි බව ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය පවසයි.
ට්විටර් හෝ වෙනත් සමාජ මාධ්‍ය වෙබ් අඩවිවල මුදල් හෝ සංවේදී පෞද්ගලික තොරතුරු සඳහා වන ඉල්ලීම්වලින් අතිශයින්ම ප්‍රවේශම් වන ලෙස ඔවුන් ඉල්ලා සිටී.
එබැවින් ශ්‍රී ලාංකික ට්විටර් පරිශීලකයන් ශක්තිමත් මුරපද භාවිතයට යොමුවීම හා දෙවන සාධක දෙකක සත්‍යාපනය නොහොත් two-factor authentication (2FA) තම ට්විටර් ගිණුම්වල සක්‍රීය කිරීම සිදුකලයුතු බව ඔවුන් පෙන්වා දෙයි.
තවද ශ්‍රී ලංකාවෙහි සිටින මාධ්‍යවේදීන්, ක්‍රීඩකයින්, කලාකරුවන් ඇතුළු සමාජයේ කැපී පෙනෙන පුද්ගලයින් තම සමාජ මාධ්‍ය ගිණුම් සම්බන්ධයෙන් දැඩි අවධානයක් දැක්වීමට කටයුතු කරන ලෙස ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය අවධාරණය කරයි.