එක්සත් ජාතික පක්ෂයේ මහ මැතිවරණයට අධාල ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදැක්වීම සිදු කෙරුනේ පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිරිකොත පක්ශ මූලස්තානයේදීයි.
එම ප්‍රතිපත්ති ප්‍රකාශය යටතේ අංශ ගනනාවක් කෙරෙහි අවධානය යොමුව තිබෙනවා.
කොවිඩ් අර්බුදය හමුවේ ගැටලු වලට මුහුන දී තිබෙන මෙරට ජනතාවට සහන සැලසීම ඒ අතරින් ප්‍රධානයි.
ශ්‍රී ලංකාව ඉන්දියන් සාගර කලාපයේ කේන්ද්‍රස්ථානයක් බවට පත් කිරීම් වෙනුවෙන් නව පනත් කිහිපයක් සකසන බවද එක්සත් ජාතික පක්ෂ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් වේ.
ඒ අතර ආර්ථික සහ මූල්‍ය විධිවිධාන පනත, ආර්ථිකය යළි පණ ගැන්වීමේ පනත, සංවර්ධන පනත, කෘෂි කර්ම නවීකරන පනත, ණය බංකොලොත්බාවය පිළිබඳව විශේෂ විධිවිධාන පනත සහ විදේශ මූල්‍ය සහ සේවා පනත ඇතුලත්.