ලේ!! ඇගට ලේ උනන ආහාර!

0
2509

අනාධිමත් කාලයක් තිස්සේ අපේ රටේ තිබුනා අපේම කියලා හොද ආහාර රටාවක්, ඒ ආහාර රටාව හැදිලා තිබ්බේ අපිට අවශ්‍ය සෑම දෙයක්ම එදිනදා ගන්නා අපේ කෑම වේලෙන් ශරීරයට ලැබෙනා පැහැදිලි ආකාරයකින්.

විවෘත ආර්තිකෙත් එක්කම හැල්මේ දුවපු අපි කෙටි කෑම නැත්නම් ෂෝට් ඊට්ස් වලට ඇබිබැහි උනා කීවොත් නිවරදී. එදා ඉදං රටේ නැති තෙල් ජාති වලිං කෑම උයන්ඩ ගත්ත

එළවළු වලිං‍ තෙල් දන්ඩ බෑ කියලා දැන දැනත් අපි එළවළු තෙල් කියලා කටුපොල් වලින් හදන ෆාම් ඹයිල් කෑමට එකතුකරගත්තේ උජාරුවෙං

බටහිර වෙද වරැ පෝලිමට ටීවී චැනල්වලින් මේ අදහස සමාජය පුරා පැතිරවීම ජයටම සිදුකලා. බහු ජාතික සමාගම් පොල්තෙල් එක්ක බද්ධවෙලා තිබ්බ අපේ කෑමට ෆාම් ඔයිල් ඇතුල් කලේ අපිට නොදැනෙන්නමයි

අපේ රටේ තිබුන ආහාර රටාවට පයින් ගහපු අපිට, අනික් පැත්තෙන් රටේ නැති ලෙඩ ආවා. අද වෙනකොට ලංකාව පුරාම ලෙඩ්ඩු වැඩිවෙන්න ඕවා තමා බලපෑවේ

ඉස්කෝලේ යන ලමයින්ගේ ඇගවල් දිහා දැක්කම අපේ අනාගතය මේ යන්නේ කොයිබටද කියලා තේරැම් ගන්නත් බැරි තරමට අපි ලෙඩ්ඩු වේගෙන යනවා. රටෙන් බාගයක් විතර වකුගඩු රෝගයට ජීවිතාන්තය දක්වාම ගොදුරුවෙලා.

ඒ නිසා අපිට දැන් දැන් ආයිත් අපේ පරන ආහාර රටාව ගැන හිතන්න කාලේ ඇවිත්.

අපි ශක්තිමත්ව ඉන්නනම් අපේ ලේ ධාතුව හොදින් ඇග පුරා දුවන්ඩ ඕනේ. ඇගට ලේ ටික හරියට තියනවා නම් අපිට හොද හයියක් ඇතිව අපේ ජීවිතේ ගෙවිවෑකි. අපේ අර ආහාර රටාවෙන් අපිට ඉස්සර පිලිවෙළකට ඒවා ලැබුනා.

ඔයාල දන්නවනේ අපේ ලේවල මොනවා හරි සංඝටකයක් අඩු උනොත් ඒක මුළු ශරීරයටම බලපානවා. ගොඩක් අය කියන කතාවක් තමයි ඇඟේ ලේ මදියි කියන එක. එක්කෝ ඇගේ ලේ වතුරවෙනවා කියන එක

ඔන්න දැන් කියන්න යන්නේ අපේ ඇඟ නියමාකාරයෙන් පවත්වාගෙන යන්න උදව් කරනා, ලේ උනන කෑම ජාති ගැන. මේවා සමහර ඒවා අපේම රටේ එව්වා නොවුනත්, ඒවා ඉතා පහසුවෙන් ඔබට සොයා ගන්න පුළුවන්

ඇත්තටම ඇඟට ලේ උනනවා කියන එකෙන් අදහස් කරන්නේ මොකක්ද ?

ඇඟට ලේ උනනවා කියන එකෙන් අදහස් වන්නේ රතු රැධිර ‍සෛවල තියනා ප්‍රෝටීන් අනු ප්‍රමාණය වැඩි වීම තමා. ඒ කියන්නේ රුධිරයේ හිමොග්ලොබින් ප්‍රමාණය වැඩි වෙනවා කියන එක. ඒවා වැඩිවන තරමට ඔබේත් මගේත් නිරෝගිකම වැඩිවෙනවා. ඒ කියන්නේ රතු රුධිරාණු වැඩි වන තරමට ආශ්වාසයේදී වැඩියෙන් ඔක්සිජන් උරාගන්නවා. ඉතින් අපිට හොදින් අපේ කාර්යයන් කිරීමට හැකිවෙනවා

රුධිරයේ හිමොග්ලොබින් හෝ නිරෝගී රතු රුධිරානු ප්‍රමාණවත් තරම් නොමැතිවීම රක්තහීනතාව ඇතිවීමට ප්‍රදාන හේතුව වෙනවා. රක්තහීනතාවෙන් පෙළෙන පුද්ගලයින්හට හුස්ම හිරවීම, හිසරදය, ශරීරය සුදුමැලි වීම, පපුවේ වේදනාව වැනි රෝගී තත්වයන් නිතර ඇතිවීම ස්වාභාවිකයි.

රක්තහීනතාවය ඇතිවීමට බොහෝ සාධක බලපාන අතර වඩාත්ම පොදු සාධකය ලෙස යකඩ ඌනතාවය හැදින්විය හැකියි. එම නිසා යකඩ බහුල ආහාරයන් ඔබේ ආහාරයට එක් කරගැනීම, යකඩ ඌනතාවයයෙන් සුවය ලැබීමට මනා පිටුවහලක් වෙනවා.

ඉතින් මෙම ලිපියෙන් අද ඔබව දැනුවත් කරන්න බලාපොරොත්තු වෙන්නේ යකඩ ඌනතාවයෙන් පෙලෙන පුද්ගලයින් තමන්ගේ එදිනෙදා ආහාර වේලට එක් කරගත යුතු පෝෂ්‍යදායී ආහාර කිහිපයක් පිලිබදව,

රතු මස් – රතු මස් වල, විශේෂයෙන්ම හරක් මස්, විශාල වශයෙන් යකඩ වලින් පොහොසත් ආහාරයක්. ඒ වගේම සමට හා මස්පිඩු වර්ධනයටත් ගුණදායකයි.

නිවිති – පුද්ගලයෙකුට දවසට අවශ්‍ය දෛනික යකඩ ප්‍රමාණයෙන් 20% ක් නිවිති කොල කෝප්ප බාගයක අඩංගුයි.

බෝංචි – බෝංචි වේලකට සෑහෙන තරම් ප්‍රමාණයක යකඩ මිලිග්‍රෑම් 5 ක් විතර අඩංගුයි.

රතු අල – රතු අල තුල යකඩ අඩංගු වෙනවා. ඒවගේම රුධිරය පිරිසිදු කිරීම සදහාත් රතු අල වලට උදවු විය හැකියි.

රට කජු – රට කජු තුල යකඩ අඩංගු වෙනවා. එදිනෙදා රටකජු ඇට ආහාරයට ගැනීමෙන් රක්තහීනතාවය ඇතිවීමේ අවදානම අවම කර ගත හැකියි.

බිත්තර – බිත්තර තුල යකඩ අඩංගු වන අතර දිනකට එක බිත්තරයක් ආහාරයට ගැනීමෙන් ශරීරයේ යකඩ මට්ටම වැඩිකරගැනීමට රුකුලක් වෙනවා.

දෙළුම් – දෙළුම් වල යකඩ හා විටමින් අඩංගු බැවින් එය වඩාත් ගුණදායි පළතුරක්.

රට ඉඳි – රට ඉදි තුල යකඩ අන්තර්ගත අතර, එක ඉදි කෝප්පයක පමණ ප්‍රමාණයක යකඩ මිලිග්‍රෑම් 5 ක් අඩංගුයි.

තක්කාලි – ඔබව රක්තහිනතාවයෙන් ආරක්ෂාකිරීමට තක්කාලි වලට හැකියාව ඇති අතර, තවද තක්කාලි විටමින් වලින් වඩාත් පොහොසත් බැවින් තාක්කාලි වලට පිළිකා සෛල සමග සටන් කර ඔබව ආරක්ෂා කල හැකියි.

මි පැණි – සීනි සදහා ආදේශකයක් ලෙස මීපැණි භාවිතා කළ හැකි අතර මීපැණි යකඩ වලින් පොහොසත්. ඊට අමතරව ඔබගේ ශරීරය සෞඛ්‍ය සම්පන්නව පවත්වාගෙන යෑම සඳහා අවශ්‍ය බොහොමයක් විටමින් හා ඛනිජ ලවණ මීපැණි තුල අඩංගුයි.

මෙයට අමතරව සිංහල වෙදමේදී රක්තහීනතාවට පිලියම් ලෙසින් ඖෂධ වර්ග කීපයක් පවතිනවා. අළුපුහුල්, නෙල්ලි, උළුහාල්, තිල්පිලි, සූදුරැ, කලාදුරැ, කෝමාරිකා, රසකිද, අරළු, වෙනිවැල් ගැට ආදිය මගින් රක්තහීනතාවයට පිළීයම් යොදනවා. මේ ඖෂධ විවිධ ආකාරයට භාවිතයට ගැනීමෙන් ලේ වැඩීම වර්ධනය වන බව සදහන්.

සාරන, ගොටුකොළ, මුකුනුවැන්න, කතුරැමුරැංගා, මුරංගා කොළ, තම්පලා වැනි ආහාරවල යකඩ බහුලයි.

ඒ වගේම කොළ පැහැති ආහාරවල, විශේෂයෙන් දඹළ, බණ්ඩක්කා, මෑකරල්, අවර, ගෝවා, කරවිල වලත් මේ ගුණය අධිකයි.

ඉහත සදහන් කල යකඩ අඩංගු ආහාර ඔබේ ආහාරයට එකතු කරගන්නවා වගේම එම ආහාර වල අඩංගු යකඩ හොදින් ශරීරයට අවශෝෂණය වීම සදහා විටමින් බහුල ආහාරද ඔබේ එදිනෙදා ආහාර වේලට එකතු කරගැනීමට කටයුතු කිරීමට ඔබටත් පුළුවන්.

– රුවන් ගමරාළගේ –

( රුවන් ගමගේ මහතාගේ ෆේස්බුක් පිටුවෙන් උපුටා ගන්නා ලදී. )

ප්‍රතිශක්තිය වඩවන ඖෂධීය ශාක