Online ගෙදර වැඩ නොකල 15 හැවිරිදි සිසුවියට මිචිගන් උසාවිය දුන් දඩුවම

0
616

ඇමරිකාවේ මිචිගන් ප්‍රාන්තයේ වෙසෙන 15 හැවිරිදි සිසුවියකට මාර්ගගත (Online) ක්‍රමවේදය ඔස්සේ පැවරූ පාසල් වැඩ නොකිරීම සම්බන්දයෙන් බලාපොරොත්තු නොවූ දඬුවමක් එහි අධිකරණයක විනිසුරුවරයෙක් ලබා දී තිබේ.

“ග්‍රේස්” නමින් හැඳින්වෙන 15 හැවිරිදි දැරිය බාල වයස්කාර රැඳවුම් භාරයට යැවීමට මිචිගන් විනිසුරුවරයෙකු නියම කර ඇත.

අප්‍රිකානු-ඇමරිකානු සිසුවිය මැයි මස මැද සිට රඳවාගෙන සිටින බව වාර්තා වේ.

නමුත් එම තීරණයට එරෙහිව පාසල් ළමුන් විශාල පිරිසක් ඇයගේ පාසල හා උසාවිය ඉදිරිපිට එක්වී විරෝධය පෑ බව වාර්තා වේ.

ඇයගේ නඩුව යලි සමාලෝචනය කරන බව මිචිගන් ප්‍රාන්ත ශ්‍රේෂ්ඨාධිකරණය බ්‍රහස්පතින්දා ප්‍රකාශ කර ඇත.