දිනක් තුළ වැඩිම කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව ගතවූ පැය 24 දී

0
601

දිනක් තුළ වාර්තා වූ වැඩිම කොවිඩ් -19 ආසාධිතයින් සංඛ්‍යාව ගතවූ පැය 24 තුලදී වාර්තා වූ බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

පසුගිය පැය 24 තුළ නව කොවිඩ් -19 රෝගීන් 259,848 ක් වාර්තා වී ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්තාවකට අනුව සෙනසුරාදා (18) ප්‍රකාශයට පත් විය.

ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව ලොව පුරා වාර්තා වී ඇති මුළු කොවිඩ් -19 රෝගීන් සංඛ්‍යාව දැන් මිලියන 13.8 ඉක්මවා ඇත.

මින් පෙර පැය 24 ක් තුළ උපරිම කොවිඩ් -19 රෝගීන් 237,743 ලෙස ක් වාර්තා වී තිබුණි.

පසුගිය පැය 24 තුළ කොවිඩ් – 19 මරණ 7,360 ක් වාර්තා වී ඇති අතර, ලොව පුරා සිදුව ඇති මරණ සංඛ්‍යාව 600,000 ඉක්මවා ඇත.