තෙමහල් ගොඩනැඟිල්ලකින් පැන පුද්ගලයෙකු සියදිවි නසා ගනී.

0
594

මත්තෙගොඩ, සමගි උයන ප්‍රදේශයේදී 34 හැවිරිදි පුද්ගලයෙකු තෙමහල් ගොඩනැඟිල්ලකින් පැන සියදිවි හානි කරගෙන තිබේ.

අදාළ පුද්ගලයා විෂාදය නමැති මානසික රෝගී තත්ත්වයෙන් පෙළෙන අයෙකු වන අතර ඔහු සිය ඥාති නිවසකට ගොස් එහි නිවැසියන් සමග ඉහළ මාලයේ රැඳී සිටිය දී එකවර බිමට පැන ඇති බව පොලීසිය පවසයි.

සිද්ධිය සම්බන්දයෙන් මූලික මහේස්ත්‍රාත් පරීක්ෂණය සහ පශ්චාත් මරණ පරීක්ෂණය අද සිදුකිරීමට නියමිත අතර මත්තේගොඩ පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.