නුගේගොඩ ගුවන් පාලම මත සිදු වු රිය අනතුරින් යුද හමුදා සෙබළෙක් ජීවිතක්ෂයට *CCTV

0
661

නුගේගොඩ ගුවන් පාලම මත දී අද (20) උදෑසන පෞද්ගලික බස් රථයක් සහ යුද හමුදා කැබ් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.

ඉන් යුද හමුදා කැබ් රථයේ රියදුරු ලෙස කටයුතු කළ සෙබළා මියගොස් ඇති අතර තවත් හමුදා සෙබලුන් දෙදෙනෙකු තුවාල ඇති බව වාර්තා වේ.

තුවාල ලැබූ හමුදා සෙබලුන් දෙදෙනා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇත.

කොළඹ දෙසට ධාවනය වූ පෞද්ගලික බස් රථයක් තවත් බස් රථයක් පසුකර යාමට උත්සාහ කිරීමේ දී ඉදිරියෙන් පැමිණි යුද හමුදා කැබ් රථයේ මුහුණට මුහුණ ගැටීමෙන් අනතුර සිදු වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා සඳහන් කළේය.