බස්නාහිර , සබරගමුව, මධ්‍යම සහ දකුණු පළාත්වල දැනට පවතින වැසි තත්ත්වය ඉදිරි පැය 12 තුළ තවදුරටත් පැවතිය හැකි බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කරමින්. ඒ අනුව ඇතැම් ස්ථානවලට මි.මී 100ක පමණ තද වැසි ඇති විය හැක.
ඊයේ උදෑසන 8:30 සිට අද උදෑසන 8:00 දක්වා කාලය තුළ වර්ෂාපතන අගයන් මෙලෙස වාර්තා විය.
- දෙහිඕවිට (කෑගල්ල දිස්ත්‍රික්කය) 219.0 mm
- හියාරේ (ගාල්ල දිස්ත්‍රික්කය) 160.0 mm
- ඇත්කඳුර (ගාල්ල දිස්ත්‍රික්කය) 137.5 mm
- මීගහතැන්න (කළුතර දිස්ත්‍රික්කය) 117.0 mm
- පරකඩුව (රත්නපුර දිස්ත්‍රික්කය) 106.0 mm
- පස්යාල (ගම්පහ දිස්ත්‍රික්කය) 100.0 mm