2018 අංක 4 දරන සුරාබදු (සංශෝධන) පනත යටතේ කිතුල් ගස්වල රා මැදීම හා එම ගස්වලින් රා නිස්සාරණය කිරීම බලපත්‍ර නොමැතිව සිදු කළ හැකි බව පොලිස් මූලස්ථානය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
කිතුල් මැදීම හෝ රා නිස්සාරණයට බලපත්‍ර අවශ්‍ය නොමැති බවත්, රා මදින්නන්ට එරෙහිව නඩු නොපවරන ලෙසත් පොලිස්පතිවරයා සියලු පොලිස් ස්ථාන වෙත උපදෙස් ලබා දී තිබේ.
කෙසේ වෙතත් ඇතැම් පොලිස් ස්ථානාධිපතිවරුන් විසින් බලපත්‍ර නොමැතිව කිතුල් ගස් මැදීම හෝ කිතුල් ගසකින් රා නිස්සාරණය කිරීම සිදු කරන තැනැත්තන් සම්බන්ධයෙන් දිගින් දිගටම නඩු ලබා ගැනීම සිදු කරන බවට තොරතුරු ලැබී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.
එබැවින් ඉහත සංශෝධන පනත ප්‍රකාරව, රා නිස්සාරණය කිරීමට හෝ කිතුල් ගස් මැදීමට බලපත්‍ර ලබා ගැනීමක් අවශ්‍ය නොවන බැවින් ඉදිරියේදී එසේ කරන තැනැත්තන්ට එරෙහිව නඩු ලබා ගැනීමක් සිදු නොකරන ලෙසට, වැඩබලන පොලිස්පති විසින් සියලුම පොලිස් ස්ථාන වෙත දැනුම් දී තිබේ.