ලොව පුරා පැතිර යන වසංගත තත්ත්වය හේතුවෙන් මුහුණු ආවරණ පැළඳීම අත්‍යවශ්‍ය වේ.
එබැවින් එය 2020 හි ලොව ජනප්‍රියතම විලාසිතා උපාංග බවට පත්වීම පුදුමයක් නොවේ.
අත්යන්ත්‍ර පේෂකර්මාන්තයේ සිට සියලු නිශ්පාදකයින් විවිධ මාදිලියේ මුව ආවරණ නිපදවීම් ගැන අසන්නට ලබුනි.
මේ අතරට එක් වන නවතම මුව එකතුව බටහිර ඉන්දියාවේ ගුජරාට ප්‍රාන්තයෙන් වාර්තා වෙයි.
ඔවුන් විසින් නිපදවූ දියමන්ති, මැණික් ඔබ්බවා නිම කරන ලද මුව ආවරණ පිලිබඳ ඉන්දියානු පුවත් වෙබ් අඩවි වාර්තා කර ඇත.
රනින් නිමවී මැනික් ඔබ්බවා සකසන ලද ඒවායේ වටිනාකම ඩොලර් 2,000 කින් ආරම්භ වේ.