ඉන්දියානු ප්‍රිමියර් ලීග් (අයිපීඑල්) 2020 තරඟාවලිය සැප්තැම්බර් 19 සිට ආරම්භ වීමට බොහෝ දුරට ඉඩ තිබේ.
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (අයිසීසී) සඳුදා විස්සයි 20 ලෝක කුසලානය කල් දමන බව නිවේදනය කිරීමෙන් පසුව, සැප්තැම්බර් 19 සිට නොවැම්බර් 10 දක්වා හිස් වූ කාලය ඉන්දියානු ක්‍රිකට් පාලක මණ්ඩලයේ අවදානයට යොමු විය.
කෙසේ වෙතත්, අවසන් තීරණය ගනු ලබන්නේ IPL පාලක සභා රැස්වීමේදී පමණක් බව එරට ආරංචි මාර්ග සඳහන් කරයි.
මීට පෙර IPL පාලක මණ්ඩලයේ සභාපති බ්‍රිජේෂ් පටෙල් තහවුරු කළේ 13 වන IPL තරඟාවලිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැත්වෙන බවයි.
මේ වසරේ IPL මාර්තු 29 සිට ආරම්භ කිරීමට නියමිතව තිබූ නමුත් කොවිඩ් 19 වසංගතය හේතුවෙන් තරඟාවලිය දින නියමයක් නොමැතිව කල් දමීමට සිදු විය.