බලපිටිය මුහුදු තීරයේ දියනාමින් සිටි චීන ජාතික තරුණයෙක් දියේ ගිලීමෙන් මිය ගොස් තිබේ.
ඊයේ (26) සවස 3:30 ට පමණ මෙම අනතුර සිදුවී ඇති අතර මියගොස් ඇත්තේ 23 හැවිරිදි තරුණයෙකි.
මෘත ශරීරය බලපිටිය රෝහලේ තැන්පත් කර ඇති අතර අම්බලන්ගොඩ පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.