කැලණිය – පෙතියාගොඩ වේල්ල පාරේ නිවසක අද (27) උදෑසන ඇති වු ගින්නක් පැතිරීයාමෙන් එම නිවාස පෙළට හානි සිදු වී තිබේ.
පළමුවෙන්ම ගින්න හටගත් නිවසේ ඇති වු විදුලි කාන්දුවක් හේතුවෙන් මෙම ගින්න හට ගන්නට ඇති බවට සැක කෙරේ.
උදෑසන 7.45 ට පමණ හටගෙන ඇති ගින්න මැඩපැවැත්වීම සඳහා ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුවට අයත් ගිනි නිවීමේ රථ 2 ක් යොදාගෙන ඇත.
ගින්නෙන් කිසිවෙකුටත් හානියක් සිදු වී නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් කැලණිය පොලීසිය වැඩිදුර විමර්ෂණ සිදු කරයි.