කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් ජෝර්දානයේ කර්මාන්තපුරයක සේවය කළ රැකියා අහිමි වී සිටින ශ්‍රී ලාංකිකයින් පිරිසකට එරට පොලීසිය විසින් කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර ඇත.
ඊයේ (27) දිනයේ ජෝර්දානයේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නිලධාරීන් පිරිසක් එම ශ්‍රී ලාංකිකයින් සේවය කල කර්මාන්තපුරය පිහිටි ප්‍රදේශයට ගොස් තිබේ.
එහිදී ශ්‍රී ලාංකිකයින් 340කට ආසන්න පිරිසක් නිලධාරීන්ට විරෝධය පළ කරමින් නොසන්සුන්කාරී ලෙස හැසිරී ඇති අතර එය පාලනය කිරීම සඳහා ජෝර්දාන පොලීසිය විසින් කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර ඇත.
එම අවස්ථාවේදී තානාපති කාර්යාලයේ නිලධාරීන්ද යම් අපහසුතාවයන්ට ලක් වූ බවත් මේ වන විට සියල්ල සමනයකට පත්ව ඇති බවත් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී මංගල රන්දෙණිය මහතා මාධ්‍ය වෙත පවසා තිබුණි.
Very good article. I will be experiencing some of these issues as well..
Here is my website Royal CBD