ගෙලිඔයදි සිදු වු රිය අනතුරකින් තිදෙනෙකු මරුට

0
349

පේරාදෙණිය – ගම්පොළ මාර්ගයේ ගෙලිඔය, කරමඩ ප්‍රදේශයේ ඊයේ (27) සවස 6.50 ට පමණ සිදුවු රිය අනතුරකින් අඹුසැමි යුවළක් ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට පත් ව තිබේ.

ගෙලිඔය දෙසට ධාවනය වු යතුරු පැදියක් මාර්ගය හරහා ගමන් කළ පදිකයෙකුගේ ගැටී අනතුරක් සිදුව ඇති අතර ඒ සමගම එම දිශාවට ධාවනය වු ත්‍රීරෝද රථයක් මාර්ගයේ වැටී සිටි පදිකයාගේ ඇඟ මතින් ගමන් කර ඉදිරියෙන් නවතාගෙන සිටි මෝටර් රථයක ද ගැටී මාර්ගයේ පෙරළී ඇත.

පසුව අනතුරින් බරපතල තුවාල ලැබු ත්‍රීරෝද රථ රියදුරු පිටුපස ගමන් කළ කාන්තාවන් දෙදෙනෙකු ගම්පොළ රෝහලටත්, පදිකයා සහ ත්‍රීරෝද රථයේ පිටුපස ගමන් කළ තවත් පුද්ගලයෙක් මහනුවර රෝහලටත් ඇළටත්, යතුරුපැදිකරු පේරාදෙණිය රෝහලත් ඇතුළත් කර තිබේ.

ත්‍රීරෝද රථයේ පිටුපස ගමන් කළ කාන්තාවක්, පිරිමි පුද්ගලයා සහ පදිකයා ප්‍රතිකාර ලබමින් සිටිය දී ජීවිතක්ෂයට පත්ව තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ වෙලම්බොඩ ප්‍රදේශයේ පදිංචි 54 හා 53 හැවිරිදි අඹුසැමි යුවළක් හා වයස අවුරුදු 54 ක් වු ගෙලිඔය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මෘත ශරීර මහනුවර හා ගම්පොළ රෝහල්වල තැන්පත් කර ඇති අතර පේරාදෙණිය පොලීසිය අනතුර සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.