මහමෝදර කලපුවේ දිය නෑමට ගිය පුද්ගලයෙකු මරුට

0
278

ගාල්ල මහමෝදර කලපුවේ දිය නෑමට ගිය පුද්ගලයෙකු අද (29) පස්වරුවේ දියේ ගිලීමෙන් මිය ගොස් තිබෙනවා.

මෙලෙස මිය ගොස් ඇත්තේ මහමෝදර ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි දෙදරු පියෙකි.

ඔහු අද සවස මිතුරන් දෙදෙනෙකු සමඟ කලපුවේ දිය නෑමට ගොස් ඇති අතර එහිදී ඔහු දියේ ගිලී අතුරුදහන්වී ඇත.

ප්‍රදේශවාසීන් සහ කිමිදුන්කරුවන් එක්ව කල සෝදිසියකදී පැය බාගයකින් පමණ ඔහුව සොයාගෙන ඇත.

පසුව ඒ අසල පිහිටි මහමෝදර ශික්ෂණ රෝහල වෙත ගෙන ගොස් ඇති ඔහු ඒ වන විටත් මිය ගොස් සිටි බව අනාවරණය වී ඇත.