ශ්‍රී ලාංකික සමාගමකින් උගන්ඩාවට ජල විදුලිය

0
367

ශ්‍රී ලාංකික සමාගමක් වන Vidullanka PLC මගින් උගන්ඩාවේ මෙගා වොට් 6.5 ක ජල විදුලි බලාගාරයක් ඉදි කර ඇත.

උගන්ඩාවේ Kabale දිස්ත්‍රික්කයේ ඉදිකරන ලද Bukinda කුඩා ජලවිදුලි බලාගාරයේ ඉදිකිරීම් කටයුතු අවසන් කර ජාතික පද්ධතියට 2020 ජූලි 30 දින සම්බන්ධ කළ බව Vidullanka සමාගම පවසයි.

මෙමගින් වාර්ෂිකව උගන්ඩාවේ ජාතික විදුලිබල පද්ධතියට ගිගාවොට් පැය 27.4 ක සැපයුමක් ලබා දීමට ඔවුන් බලාපොරොත්තු වේ.

මෙම කුඩා ජලවිදුලි බලාගාර ව්‍යාපෘතියේ හිමිකාරීත්වය සහ මෙහෙයුම් කටයුතු Timex Bukinda Hydro (U) Ltd සතුව පවතී. එය Vidullanka PLC හි පූර්ණ අනුබද්ධ සමාගමකි.