අගෝස්තු 5-6 දිවයින පුරා සුරාසැල් වැසේ

0
321

මැතිවරණය හේතුවෙන් එළඹෙන 05 සහ 06 යන දෙදින තුළ දිවයින පුරා පිහිටි සියලුම සුරාසැල් වසා තැබීමට සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා නියෝග කර තිබේ.

මැතිවරණ කොමිෂන් සභාවේ ඉල්ලීම පරිදි මෙම තීරණය ගෙන ඇත.

මෙම තීරණයට අනුව ක්‍රියා නොකරන සුරාබදු බලපත්‍රධාරීන් සම්බන්ධයෙන් නීතිය තදින්ම ක්‍රියාත්මක කරන බව ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමෙන්තුව දන්වා සිටී.

මේ සම්බන්ධයෙන් වන මහජන පැමිණිලි යොමු කිරීම සඳහා 1913 කෙටි දුරකථන අංකය ද හඳුන්වා දී ඇත.