ලිබියාවෙ හිටපු ඒකාධිපති පාළකයෙක් තමයි ජෙනරාල් මුවම්මර් ගඩාෆි කියන්නෙ.
දරුණු නායකයෙක් වුණ ඔහුට ලේසියෙන් කාටවත් කිට්ටු වෙන්නවත් බෑ. ගඩාෆි එයාගේ ආරක්ෂාවට සුරූපී තරුණියන් තියන් හිටිය කියන එකත් ප‍්‍රසිද්ධ රහසක්.
ඒ කොහොම උනත් ළඟදී Instagram වල පළවුණ Photo එකක් නිසා හැමෝම කලබල උනා.
එහි තිබුනෙ ගඩාෆි එක්ක සුරූපී බොලිවුඞ් නිළි Kathrina Kaif එකට ඉන්න Photo එකක්. සමාජ මාධ්‍ය වල බොහෝ කතා බහට ලක් වුනු මේ ඡායාරූපයේ Neha Dhupia සහ Aditi Gowitrikar ත් ඇතුලත්.
මීට අවුරුදු 15 පමණ පෙර ලිබියාවේ පැවති විලාසිතා දැක්මකට සහභාගී වූ අවස්ථාවක මේ ඡායාරූපය ගත්ත කියල තමයි මේ Photo එක Instagram දාලා තිබ්බේ Shamit Shingha කියල තිබුනෙ.
කත්‍රිනාට ඒ වෙනකොට වයස අවුරුදු 18 ක් වූ අතර නිළියක් ලෙස රංගනයට පිවිසීමට තවත් වසරක් හෝ ඊට වැඩි කාලයක් ගතවී ඇත. කෙසේ වෙතත් ගඩාෆි 2011 වසරේදී මිය ගියේය.
ගඩාෆි වගේ දරදඬු නායකයෙක් විලාසිතා දැක්මවල් බලන්නත් ගොස් තිබීම විශේෂත්වයක් ලෙස බොහෝ දෙනා කතා කර තිබුණා.
කෙසේ වෙතත් Kathrina kaif තවම මේ ගැන මාධ්‍යයට මොනවත් කියල නෑ.