ගලේවෙල ප්‍රදේශයෙන් වෙඩි වැදී මිය ගිය වන අලියෙකුගේ සිරුරක් හමුවේ.

0
300

ගලේවෙල – දඩුබැදිරුප්ප ප්‍රදේශයේ මිය ගිය වන අලියෙකුගේ සිරුරක් හමු වී තිබෙනවා.

වයස අවුරුදු 35 ක් පමණ මෙම වන අලියාගේ සිරුර සොයාගෙන ඇත්තේ ගලේවෙල වනජීවී නිලධාරීන් විසින්.

මෙම වන අලියාගේ හිසෙහි තුවාලයක් පවතින අතර, කිසියම් පුද්ගලයෙකු විසින් වන අලියාට වෙඩි තබා ඝාතනය කර ඇති බවට තොරතුරු අනාවරණය වී ඇත.

කෙසේ වෙතත් පෙරේදා රාත්‍රියෙහි වන අලින් සිව් දෙනෙකු දඩුබැදිරුප්ප ප්‍රදේශයට පැමිණ ඇති බවට ප්‍රදේශවාසීන් විසින් වනජීවී නිලධාරීන්ව දැනුවත් කර තිබේ.