මෙවර මහ මැතිවරණයට අදාල සියලු ප්‍රචාරක කටයුතු ඊයේ (02) මධ්‍යම රාත්‍රියෙන් අවසන් කෙරුණි.
ඒ අනුව, මැතිවරණය පැවැත්වෙන අගෝස්තු මස 05 වනදා දක්වා කාලය නිහඬ කාලයක් ලෙස ප්‍රකාශයට පත්කර ඇති අතර සියලුම මැතිවරණ නීති බලාත්මක කර ඇත.
මෙම කාලය තුළ ප්‍රචාරක කටයුතු හෝ අපේක්ෂකයෙකු ප්‍රවර්ධනය වන ආකාරයේ කිසිදු කටයුත්තක් සිදුකළ නොහැකි බව මැතිවරණ කොමිසම සඳහන් කළේය.
මෙම කාලය තුළ මැතිවරණ නීති කඩකරන ඕනෑම පුද්ගලයෙක් හෝ කණ්ඩායමකට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක වරයා සඳහන් කළේය.