ජනපති පාසැල් දැරියගේ ඉල්ලීම ඉටු කරයි. පාසලට ජංගම පුස්ථකාලයක්

0
586

පසුගිය ජූලි 5 වැනිදා ජනාධිපතිවරයා මැදිරිගිරියේ කළ සංචාරයේ දී මැදිරිගිරිය සිරිමාවෝ බණ්ඩාරනායක ප්‍රාථමික විද්‍යාලයේ 3 වසරේ ඉගෙනුම ලබන විනුරි දහම්සා දියණිය පාසලට පුස්තකාලයක් ලබා දෙන්නැයි ජනපතිතුමන්ගෙන් ඉල්ලීමක් කර සිටියා.

එම ඉල්ලීම ඉටු කරමින් මැදිරිගිරිය සිරිමාවෝ බණ්ඩාරනායක ප්‍රාථමික විද්‍යාලයට ජංගම පුස්තකාලයක් පරිත්‍යාග කිරීම අද (03) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු කෙරුණා.

මෙම පුස්තකාලය නිමවා ඇත්තේ මහරගම ඩිපෝවේ යකඩ සඳහා වෙන්දේසි කිරීමට තිබූ තට්ටු දෙකේ බස් රථයක් කාර්ය මණ්ඩලය විසින් අලුත්වැඩියා කොට යෝග්‍ය පරදි සකස් කිරීමෙනි.

මෙම පුස්තකාලයට අවශ්‍ය පොත් සපයා ගැනීමට දිලිත් ජයවීර මහතා සහ මහරගම ඩිපෝවේ කාර්ය මණ්ඩලය අනුග්‍රහය දක්වා තිබුණි.

පුස්තකාලය පරිත්‍යාග කිරීමේ අවස්ථාවට ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ සභාපති කිංස්ලි රණවක, විදුහල්පති චමින්ද ප්‍රියශාන්ත යන මහත්වරු සහ විනුරි දහම්සා දියණිය ඇතුළු පිරිසක් එක්ව සිටියහ.