ඊයේ රාත්‍රී කාලයේ සහ අද උදෑසන ඇති වූ අධික වර්ෂාව හේතුවෙන් මුම්බායි හි ප්‍රදේශ කිහිපයක් ජලයෙන් යට ව තිබෙනවා.
මුම්බයි නගරය සහ තදාසන්න ප්‍රදේශවල ස්ථාන 26 ක ජලයෙන් යටවීම හේතුවෙන් මාර්ග ගණනාවක ප්‍රවාහන කටයුතු සහ දුම් රිය සේවා තාවකාලිකව නැවතී ඇත.
කිසිදු තදාසන්න සේවාවක් නතර වී නොමැති බවත් මධ්‍යම දුම්රිය සේවය Vashi-Panvel සහ Thane-Kalyan අතර සහ ඉන් ඔබ්බට ක්‍රියාත්මක වන බව මධ්‍යම දුම්රිය ප්‍රධාන මහජන සම්බන්ධතා නිලධාරි ශිවාජි සුතාර් මහතා මාද්‍ය වෙත පවසා ඇත.
අද සහ හෙට ‘අධික වර්ෂාපතනය’ පිළිබඳව කාලගුණ දෙපාර්තමේන්තුව විසින් මුම්බායි සහ අසල්වැසි දිස්ත්‍රික්කවල රතු අනතුරු ඇඟවීමක් කර තිබේ.
අධික වර්ෂාව හේතුවෙන් මීටර් 4.51 ක් පමණ වඩදිය බාදිය ඇති විය හැකි බවට පුරෝකථනයක් ද කර ඇත.
කිසියම් හදිසි තත්වයක් ඇති වුවහොත් ජනතාවට නවාතැන් අවශ්‍ය නම් BMC පාසල් සූදානම් කර තබන ලෙස අධ්‍යාපන නිලධාරීන්ට පවසා ඇති බව ඉන්දීය වෙබ් අඩවි වාර්තා කරයි.