2020 මහ මැතිවරණයට අදාළ ඡන්ද විමසීම මේ වන විට ආරම්භ කර තිබෙනවා.
අද උදෑසන 07.00 ට ආරම්භ වූ ඡන්ද විමසීමේ කටයුතු පස්වරු 05.00 දක්වා ක්‍රියාත්මක කෙරෙනු ඇති.
මැතිවරණ දිස්ත්‍රික්ක 22 ක් සඳහා පිළිගත් දේශපාලන පක්ෂ 20 ක් සහ ස්වාධීන කණ්ඩායම් 34 කින් අපේක්ෂකයින් 7452 දෙනෙකු මෙවර මැතිවරණයට ඉදිරිපත්ව සිටියි.
ඡන්දය භාවිත කිරිම සඳහා දිවයින පුරා ඡන්ද මධ්‍යස්ථාන 12,985 ක් ස්ථාපිත කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේය.
2019 ඡන්ද නාමලේඛනයට අනුව මෙවර මැතිවරණයේ ඡන්ද ප්‍රකාශ කිරීම සඳහා සුදුසුකම් ලබා ඇති ඡන්ද දායකයින් සංඛ්‍යාව 16 263 885 කි.
2020 මහ මැතිවරණයට අදාළ ඡන්ද විමසීම මේ වනවිට සාමකාමීව පැවැත්වෙන බව ජාතික මැතිවරණ කොමිෂන් සභාව පවසයි.