අලුත් පාර්ලිමේන්තුවට එන තාත්තල – පුතාල

0
357

2020 පාර්ලිමේන්තු මැතිවරණයෙන් අපේ රටේ 9 වැනි පාර්ලිමේන්තුවට මහජන නියෝජිතයන් තෝරා පත් කර ගැනීම අවසන් විය.

මෙවර නව පාර්ලිමේන්තුවෙ විශේෂතා ගොඩක් කිහිපයක් පවතින අතර ඉන් එකක් වන්නේ, පිය – පුතු යුගල 4 ක් මැති සබයට තේරී පත්වී සිටීමයි.

අගමැති මහින්ද රාජපක්ෂ මහතා සහ ඔහුගේ පුතා නාමල් රාජපක්ෂ


චමල් රාජපක්ෂ මහතා සහ ඔහුගේ පුතා ශෂීන්ද්‍ර රාජපක්ෂ

ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා සහ ඔහුගේ පුතා ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්

දිනේෂ් ගුණවර්ධන මහතා සහ ඔහුගේ පුතා යදාමිණි ගුණවර්ධන

මේ අතරින් දිනේෂ් ගුණවර්ධන මහතා කොලඹ දිස්ත්‍රීක්කයෙන් පාර්ලිමේන්තුව සඳහා සුදුසුකම් ලැබූ අතර ඔහුගේ පුත් යදාමිණි ගුණවර්ධන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලයිස්තුව සඳහා නම් කර ඇත.

ගිය වර පාර්ලිමේන්තුව නියෝජනය කළ පිය පුතු යුගලයක් වූ රාජිත සේනාරත්න සහ ඔහුගේ පුත් චතුර සේනාරත්න අතරින් මෙවර පාර්ලිමේන්තුව සඳහා සුදුසුකම් ලැබුවේ රාජිත සේනාරත්න මහතා පමණි.