මහින්ද රාජපක්ෂ නව අගමැති ලෙස දිවුරුම් දෙයි *Photos

0
391

මෙරට 13 වැනි අග්‍රාමාත්‍යවරයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා අද (9) දිවුරුම් දුන්නේ පෙරවරු 9.28 ට යෙදුණු සුබ මොහොතිනි.

ඒ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේදීය.

දිවුරුම්දීමේ උත්සවය පැවැත්වුණේ කැලණිය රජමහා විහාරස්ථානයේ දීය.

මෙලෙස මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධුරයේ දිවුරුම් දුන්නේ සිව්වන වරට වීම විශේෂත්වයකි.

කුරුණෑගල දිස්ත්‍රීක්කයෙන් පාර්ලිමේන්තුවට තරඟ කළ මහින්ද රාජපක්ෂ මහතා 527,364 ක වාර්තාගත මනාප සංඛ්‍යාවක් හිමි කර ගත්තේ මැතිවරණයක දී අපේක්ෂකයෙකු ලබාගත් වැඩිම මනාප සංඛ්‍යාව හිමිකර ගනිමිනි.

ඒ අතර මෙවර මහ මැතිවරණයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තුනෙන් දෙකක ජන වරමක් හිමිකර ගැනීමද විශේෂත්වයකි.

මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධුරයේ දිවුරුම් දීම වෙනුවෙන් දිවයිනේ ප්‍රදේශ රැසක අද සැමරුම් සංවිධාන කර තිබුණි.