වසර පහකට ආසන්න කාලයක් අක්‍රියව පැවති මත්තල ගුවන්තොටුපොළ යොදාගෙන අමෙරිකාව සහ යුරෝපා රටවලට භාණ්ඩ ප්‍රවාහනය කිරීමේ දැවැන්ත මෙහෙයුම ඊයේ (09) ආරම්භ කළේය.
නව සංධිස්ථානයක් සනිටුහන් කරමින් මත්තල ගුවන්තොටුපොළ මගින් අමෙරිකාව සහ යුරෝපා රටවලට භාණ්ඩ ප්‍රවාහනය කිරීමේ මෙහෙයුම් ආරම්භ කළේ ටොන් 28 ක නිමි ඇඳුම් ඇතුළු ඇඟලුම් ක්ෂේත්‍රයට අදාළ භාණ්ඩ එමිරේට්ස් ගුවන් යානයකින් එම රටවලට යැවීමෙනි.
මෙරට දෙවැනි ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ලෙස මත්තල රාජපක්ෂ ගුවන්තොටුපොළ විවෘත කෙරුණේ 2013 මාර්තු 18 වැනිදාය.
පාඩු ලැබීම හේතුවෙන් පසුගිය ආණ්ඩුව සමයේ මෙම ගුවන්තොටුපොළ විකිණීමට සූදානම් කර තිබුණි.
යහපාලන ආණ්ඩුව බලයට පැමිණීමෙන් පසු ගුවන්තොටුපොළේ ගුවන් භාණ්ඩ බහාලුම් සංකීර්ණයේ වී ගබඩා කිරීමට තීරණය කෙරුණේ බොහෝ පාර්ශ්වවල විරෝධය ද නොතකමිනි.
වසර පහකට ආසන්න කාලයක් අක්‍රියව පැවැති මත්තල ගුවන්තොටුපොළ කොවිඩ් වසංගතයට කොටුවී සිටි ශ්‍රී ලාංකිකයන් මෙරටට ගෙන්වා ගැනීමේ මෙහෙයුම්වලදී විශාල කාර්යභාරයක් ඉටු කළේය.
ඒ ජූනි සහ ජූලි මාසවල දී පමණක් ගුවන් ගමන් වාර 70 කට අධික ප්‍රමාණයක් හසුරුවමින් මගීන් 2500 කට අධික පිරිසකට සේවා සපයමිනි.