රනිල් එජාප නායකත්වයෙන් ඉවත් වෙයි

0
302

රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂ නායකත්වයෙන් ඉවත් වීමට තීරණය කර තිබෙනවා.

ඒ සිරිකොත පක්ෂ මූලස්ථානයේ අද උදෑසන පැවති රැස්වීමකදී ය.

1994 නොවැම්බර් 12 දින එක්සත් ජාතික පක්ෂ නායකත්වයට පත් වූ රනිල් වික්‍රමසිංහ පක්ෂයේ 7 වැනි නායකයා වේ.

අකිල විරාජ් කාරියවසම්, වජිර අබේවර්ධන, දයා ගමගේ හා රවී කරුණානායක යන අයගේ නම් පක්ෂ නායකත්වය සඳහා යෝජනා වී ඇතැයි පක්ෂ මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

මේ අතර, එක්සත් ජාතික පක්ෂය තමන්ට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා අද (10) උදෑසන සිරිකොතේදී කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස්වූයේ පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙනි.