සිව්වන වරටත් මහින්ද අගමැතිධූරයේ වැඩ අරඹයි

0
335

අභිනව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මීට සුළු වේලාවකට පෙර සිය ධුරයේ වැඩ බාර ගත්තේ අරලියගහ මන්දිරයේ දී ය.

මහින්ද රාජපක්ෂ මහතා සිව් වන වරටත් පසුගිය 09 වන දින අග්‍රාමාත්‍ය ධුරයේ දිවුරුම් දුන්නේ ඓතිහාසික කැලණිය පුදබිමේදීය.

මහින්ද රාජපක්ෂ මහතා මෙවර මහ මැතිවරණයෙන් මනාප ඡන්ද 527,364 ක් ලබා ගත්තේ ය.

ඒ, මෙරට පාර්ලිමේන්තු මැතිවරණ ඉතිහාසයේ අපේක්ෂකයෙකු ලබා ගත් වැඩිම මනාප සංඛ්‍යාව සටහන් කරමිනි.

මීන් පෙර තුන් වතාවක් අග්‍රාමත්‍ය ධුරය හොබවා ඇති මහින්ද රාජපක්ෂ මහතා මෙරට පස් වැනි විධායක ජනාධිපතිවරයා ලෙස 2005 සිට 2015 දක්වා කටයුතු කළේ ය.