මවට හා දියණියට මරු කැඳවු මල්වානේ රිය අනතුර

0
268

දොම්පේ, සමනබැද්ද මාර්හයේ මල්වාන ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් මවක සහ දියණියක ජීවිතක්ෂයට පත්ව තිබේ.

මල්වාන සිට සමනබැද්ද දෙසට ධාවනය වූ මෝටර් රථයක් එහි රියදුරුට පාලනය කරගත නොහැකිව ඉදිරියෙන් පැමිණි යතුරුපැදියක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව පොලීසිය පවසයි.

යතුරුපැදියේ ගමන් කළ 42 හැවිරිදි මවක් හා ඇයගේ 19 හැවිරිදි දියණිය අනතුරින් බරපතළ තුවාල ලබා දොම්පේ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මිය ගොස් ඇත.

එසේ මිය ගොස් ඇත්තේ වැලිකැටිය, වෙල්ගම ප්‍රදේශයේ පදිංචි අයවලුන් වන අතර සිද්ධිය සම්බන්ධයෙන් මෝටර් රථයේ රියදුරු අතඩංගුවට ගෙන ඇත.