ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු මින් පෙර කැබිනට්, රාජ්‍ය හා නියෝජ්‍ය අමාත්‍ය ධුර දැරූ මන්ත්‍රීවරු 16 දෙනෙකු මෙවර අමාත්‍ය මණ්ඩලයට ඇතුළත් නොවීම විශේෂත්වයකි.
ඒ අතර සුසිල් ප්‍රේම්ජයන්ත්, රංජිත් සියඹලාපිටිය, අනුර ප්‍රියදර්ශන යාපා, ජයරත්න හේරත්, චන්දිම වීරක්කොඩි, මහාචාර්ය තිස්ස විතාරණ, ජෝන් සෙනෙවිරත්න, මහින්ද සමරසිංහ, ජගත් පුෂ්පකුමාර, රෝහණ දිසානායක, සාරථී දුෂ්මන්ත මිත්‍රපාල, ඩිලාන් පෙරේරා සහ එස්.බී.දිසානායක යන මන්ත්‍රිවරුන් වෙයි.
ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතාට ද අද කැබිනට් හෝ රාජ්‍ය අමාත්‍ය ධුරයක් හිමි හිමිනොවුණු අතර අද දින අමාත්‍ය මණ්ඩල දිවුරුම් දීමේ උත්සවයට ද ඒ මහතා එක්ව සිටියේ නැත.
එමෙන්ම මහින්ද යාපා අබේවර්ධන මහතාට ද අද කැබිනට් හෝ රාජ්‍ය අමාත්‍ය ධුරයක් හිමි නොවුණ ද ඔහුගේ නම කථානායක තනතුර සඳහා යෝජනා වී ඇතැයි ආණ්ඩුවේ ආරංචි මාර්ග පවසයි.