බංග්ලාදේශ කණ්ඩායමේ ශ්‍රී ලංකා තරඟ සංචාරය ලබන ඔක්තෝබර් මාසයේ සිදුකිරීමට එරට ක්‍රිකට් පාලක මණ්ඩලය තීරණය කර තිබේ.
දෙරට අතර ටෙස්ට් තරඟ තුනකින් සමන්විත තරඟාවලිය ලබන ඔක්තෝබර් මස 24 වන දා සිට ආරම්භ නියමිතයි.
අදාළ තරඟාවලිය සඳහා සහභාගී වන බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම සැප්තැම්බර් මස 23 හෝ 24 එරටින් පිටත්වීමට සැලසුම් කර ඇත.
ක්‍රිකට් තරඟාවලියට සහභාගී වීමට පෙර බංග්ලාදේශ කණ්ඩායම ශ්‍රී ලංකාවේ දී දින 14ක කාලයක් නිරෝධායනය වීමට ද නියමිත බව වාර්තා වේ.
මේ අතර තරග තහනමකට ලක්ව සිටි බංග්ලාදේශ කණ්ඩායමේ ෂකිබ් අල් හසන් ශ්‍රී ලංකාව සමග පැවැත්වන ටෙස්ට් තරගාවලිය සඳහා නම් කර ඇත.